මෙම වෑයමේ පරමාර්තය ශ්‍රී ලාංකිකයන් වන අපට විශ්වීය දැනුම ළඟා කරගත හැකි ඉංග්‍රීසී භාෂාව මුල සිටම ව්‍යාකරණවලට අනුව යෙදීමට ඉගැන්වීමයි. - Main purpose of this work is give the sound knowledge of English to us for gain the power of universal knowledge.
හැඳින්වීම - Introduction
වර්තමානයේ භාවිත වන භාෂාවලින් බහුලවම භාවිතා වන , විශේෂයෙන් ශ්‍රී ලාංකිකයන් වන අපට විශ්වීය දැනුම කර ළං විය හැකි භාෂා මාධ්‍ය වන්නේ ඉංග්‍රීසි භාෂාව වීම රහසක් නොවේ.එම භාෂාව ක්‍රමවත් ලෙස අධ්‍යයනය කිරීම අත්‍යාවශ්‍ය කරුණකි.
දිනෙන් දින අප මෙහි එක් කිරීමට බලාපොරෝත්තුවන්නේ එම භාෂාව විධිමත්ව උදාහරණ සහිතව කලානුරූපව භාවිත කරන ප්‍රායෝගික පාඩම් මාලාවක්. මෙහි පාඨකයන් ලෙස ඕනෑම පුද්ගලයෙකු අපේක්ෂා කරන අතර සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් ඇති පුද්ගලයෙකු වීම වඩාත් පහසුවක් වනු ඇත. අක්ෂර මාලාවේ සිට කුඩා වචන ලිවීම හෝ නාම පද හඳුනාගැනීම මෙම පාඩම් මාලාවේ සිදුකිරීමට බලාපොරොත්තු නොවෙමු.
මෙමගින් ඔබගේ දෛනික ජීවිතයට අවශ්‍ය වචන,අරථකතන,වාක්‍ය හා සරල අභ්‍යාස යෙදීමට අපේක්ෂා කරමු.
ඔබට ඇති ගැටලුකාරී තත්ත්වයන් අප වෙත efabteam@gmail.com වෙත ඊ මේල් මගින් යොමු කරන්න.
ඔබට ජය..!
පළමු පාඩම- කාල භේදය හඳුනාගැනීම.
අප විසින් සිදුකරනු ලබන දේවල් එසේත් නැතිනම් ක්‍රියාකාරකම් ක්‍රියාවන් ලෙස හැඳින්විය හැකිය. මෙම ක්‍රියාවන් යම්කිසි කාල පරාසයකට අයත්ය.
උදාහරණ
වාක්‍යය | කාලය හඳුනාගැනීම. | කාලය සිංහලෙන් | කාලය ඉංග්‍රීසියෙන් |
මම පාඩම් කරමි. | මේ ඔබ මේ මොහොතේ කරන දෙයයි. | වර්තමාන කාලය | Present Tense |
මම පාඩම් කළෙමි. | මේ මොහොතේ නොවන නමුත් මින් පෙර යම් වේලාවක සිදු කළ දෙයකි. | අතීත කාලය | Past Tense |
මම පාඩම කරයි. / කර කර ඉඳියි. | මේ මොහොතේ නොවන ඉදිරියට එන වේලවක දී සිදු කිරීමට අදහස් කරන දෙයකි | අනාගත කාලය | Future Tense |
මෙහි දී මූලික වශයෙන් ඔබ කාලයන් තුනක් හඳුනාගනියි. එනම් වර්තමාන කාලය( Present Tense), අතීත කාලය( Past Tense) හා අනාගත කාලයයි( Future Tense).
දෙවන පාඩම - SVO
කවුරුත් දන්න ing සමග Subject Verb Object ඉගෙනගනිමු.
ඉංග්‍රීසි භාෂාවේ ආරම්භයක් ලෙස කවුරුත් ඉගෙන ගන්නා හා බොහොවිට දන්නා Present Continuous ලෙස නම් කරන මේ මොහොතේ කරමින් සිටින ක්‍රියාවන් සම්බන්ධ වාක්‍යයක් ගෙන ආරම්භයක් ලෙස වාක්‍යයක් සමන්විත වන කොටස් හඳුනාගැනීම සිදු කිරීම සුදුසු යැයි සිතමු. සංකීර්ණ වාක්‍යයක ආදර්ශයක් මුලින්ම තේරුම් ගැනීමට උත්සහ කිරීමට වඩා අවස්ථානුකූලව සරල වාක්‍යයක් ගෙන එහි කොටස් හඳුනාගෙන එය ඉංග්‍රීසි භාෂාවට නංවන ආකරය ඉගෙන ගැනීම පහසුවක් වනු ඇත.උදාහරණ - මෙම අවස්ථාවේ දී නැත්නම් Present Continuous අවස්ථාවේ සිංහල සරල වාක්‍යයක් කෙසේ දැයි පරීක්ෂා කර බලමු.
මම ලිපියක් ලියමින් සිටිමි.
I am writing a letter.
1.මෙම ලිපිය ලියනු ලබන්නේ කවුරුන් විසින්ද ?
2.මෙහිදී ලියනු ලබන්නේ කුමක් ද?
3.මම කුමක් කරමින් සිටින්නේ ද?
4.මෙය සිදුකරන්නේ කුමන අවස්ථාවේ ද?
ඉහත ගැටලු අප එකිනෙක හඳුනාගනිමු.
1.මෙම ලිපිය ලියනු ලබන්නේ කවුරුන් විසින්ද ?
මම ලිපියක් ලියමින් සිටිමි.
I am writing a letter.
"මම" - මෙය ලියන්නේ මම යි. මෙහිදී යම් ක්‍රියාවක් සිදු කරනු ලබන පුද්ගලයා සිංහල භාෂාවේ උක්තය නැත හොත් කතෘ ලෙස හඳුන්වන අතර මෙය ඉංග්‍රීසි භාෂාවෙන් Subject ලෙස හඳුන්වයී. එබැවින් ඉංග්‍රීසි වාක්‍යයේ "I " Subject එක වේ.
2.මෙහිදී ලියනු ලබන්නේ කුමක් ද?
මම ලිපියක් ලියමින් සිටිමි.
I am writing a letter.
"ලිපිය" - මම යන කතෘ විසින් ලියනු ලබන්නේ ලිපියයි. එනම් ඔහුගේ ක්‍රියාව සිදුවන්නේ ලිපියනම් වස්තුව මතයි. ක්‍රියාවට භාජනය වන වස්තුව සිංහලයේ දී කර්මය ලෙස හදුන්වයි. ඉංග්‍රීසි භාෂාවේ මෙය Object ලෙස හඳුන්වයි. එබැවින් ඉංග්‍රීසි වාක්‍යයේ " letter " Object එක වේ.
3.මම කුමක් කරමින් සිටින්නේ ද?
මම ලිපියක් ලියමින් සිටිමි.
I am writing a letter.
"ලියමින් සිටිමි" - මම මෙම අවස්ථාවේ ලියමින් සිටිනා බව පැවසීමට "ලිවීම" යන පදයට "මින් සිටිමි" යන පද කොටස ඈඳා (ලිවීම+මින් සිටිමි) මෙම අවස්ථාවේ සිදු කරනු ලබන දේ ප්‍රකාශ කරයී. මෙය ක්‍රියාව ලෙස සිංහල භාෂාවේ දී හඳුන්වයී. ඉංග්‍රීසි භාෂාවේ මෙය Verb ලෙස හඳුන්වයි. එබැවින් ඉංග්‍රීසි වාක්‍යයේ "am writing " Verb එක වේ.
4.මෙය සිදුකරන්නේ කුමන අවස්ථාවේ ද?
මම ලිපියක් ලියමින් සිටිමි.
I am writing a letter.
මෙම වාක්‍යයේ ක්‍රියාවට "මින් සිටිමි." යන පද කොටස ඈඳා මෙම අවස්ථාවේ සිදු කරන ක්‍රියාවක් බව කියවන්නාට තේරුම් කරයි. ඉංග්‍රීසි භාෂාවේ " ing " පද කොටස ක්‍රියාවට එක් කර මෙම අවස්ථාවේ සිදුකරනු ලබන ක්‍රියාවක් බව කියවන්නාට තේරුම් කරයි.
දැන් අප ඉංග්‍රීසි වාක්‍යය ඉගෙන ගනිමු.
I am writing a letter.
1.Subject = I
2.Verb = am writing
3.Object = letter
සිංහල භාෂාවේ වාක්‍යයක් කතෘ(මම - S) කර්මය(ලිපියක් -O) ක්‍රියාව (ලියමින් සිටිමි.-V) යන ( SOV ) අකාරය ගත්තද ඉංග්‍රීසි භාෂාවේ මෙය ( SVO ) ආකාරය ගනියි.
I(S) am writing(V) a letter(O)
ඔබ ඉහත වාක්‍යය සතු කොටස් මුලුමනින්ම හඳුනා නොගත්ත ද ( එනම් am හා a ) මූලික කොටස් හා එවායේ වාක්‍යයක යෙදෙන ආකරය ඉගෙනගෙන ඇතැයි සිතමි.
වැදගත්:
අද දින සිට ඉංග්‍රිසි ළමා කථා පොතක් ගෙන එහි ඇති වාක්‍ය සැදී ඇති ආකාරය තේරුම් ගැනීමට උත්සහ කරන්න. හැකිතාක් වචන ඉගෙන ගැන්මට පටන් ගන්න. ඒවායේ ස්වභාවය තේරුම් ගැනීමට උත්සහ කරන්න.
තෙවන පාඩමින් නැවත හමුවෙමු.
තුන්වන පාඩම- Active / Passive
කතෘකාරක වාක්‍ය / කර්මකාරක වාක්‍ය
Active Voice / Passive Voice
පෙර පාඩමින් ඔබ වාක්‍යයක ඇති කතෘ (Subject), කර්මය (Object) හා ක්‍රියාව(Verb) කුමක්ද සහ ඒවා යෙදෙන ආකාරය ඉගෙන ඇතැයි සිතමු.කතෘකාරක වාක්‍යය / Active Voice
මම ලිපිය ලියමින් සිටිමි.
I am writing a letter.
මෙහි ක්‍රියාව කරනු ලබන්නේ මම ය. උක්තය වන "මම" ට අනුව අක්ඛ්‍යාතය එනම් ක්‍රියාව සඳහන් කරයි නම් එම වාක්‍යය කතෘකාරක වාක්‍යක් ලෙස හැඳින්විය හැකිය.
එනම්
මම...........සිටිමි.
අපි............සිටිමු.
ඔහු...........සිටියේය.
ඇය..........සිටියාය.
ඔවුහු........සිටියෝය.
කර්මකාරක වාක්‍යය / Passive Voice
මා විසින් ලිපිය ලියමින් සිටියි.
The letter is being written by me.
මෙහි ක්‍රියාව සිදුකරන තැනැත්තතා වැදගත් නොවේ. මෙම වාක්‍යයේ ලිපිය මූලික ස්ථානයක් ගනියි. එම ලිපියට නැත්තනම් කර්මයට අනුව ආඛ්‍යාතය සඳහන් කරයි නම් එය කර්මකාරක වාක්‍යයක් ලෙස හැඳින්විය හැකිය.
ඇයි මේ Active / Passive ඔබ සිතනවා ඇති මේ ආකාරයට එකම කටයුත්තට වාක්‍ය ආකාර දෙකක් තියෙන්නෙ මොක ද කියල. සමහර වෙලාවට ඉංග්‍රීසි ඉගෙනගන්න කොට Active / Passive කිව්වම සුද්දට පිස්සු කියපු අවස්ථාවනුත් එමට ඇති. නමුත් ඉංග්‍රීසියෙ පමණක් නෙවෙයි සිංහල භාෂාවෙත් එය එසේමයි. ඔබ මේ අවස්ථාව සිතින් මවා ගන්න. ඔබගේ යහලුවා ඔහුගේ පෙම්වතිය වෙනුවෙන් ලිපියක් ලිවීමට ඔබට භාර කරායැයි සිතමු. ඔබව දිනකින් පසු ඔබ ලිපිය ලියමින් සිටින අවස්ථාවේ ඔබගේ යහලුවා ඔබ හමුවීමට පැමිණියා යැයි සිතමු. එම අවස්ථාවේ දෙබස මෙසේය. යාලුවා : මචං උඹ අර ලිව්ම ලිව්ව ද? (නුඹ විසින් ලිපිය ලිව්වෙහි ද?) Did you write that letter? ඔබ : ලිව්ම ලියන ගමන් බං ඉන්නේ. (මා විසින් ලිපිය ලියමින් සිටියි.) The letter is being written. මෙම අවස්ථාවේ අවධානය යොමු වන්නේ ලිපියට මිස ඔබට නොවේ. |
මෙම පාඩම ඇත්තෙන්ම ඉංග්‍රීසි භාෂාවට වඩා සිංහල පාඩමක්. සිංහල භාෂාවේ මෙවැනි දේ අප පුරුද්දෙන් භාවිත කළ පමණින් නිවැරදි අවබෝධයක් ලැබෙන්නේ නැහැ. මෙහි ඉංග්‍රීසි වාක්‍ය යෙදී ඇති ආකාරය ගැන ඔබ කලබල නොවී Active / Passive යනු කුමක් දැයි පමණක් තේරුම් ගන්න.
සිව්වන පාඩම - Verb be Part(1)
Verb be - be ක්‍රියා පදය.
ඉංග්‍රීසි භාෂාවේ ඉගෙන ගැනීමේ දී අභියෝගී පදයක් ලෙස මෙම be පදය හැඳින්විය හැකිය. විවිධ ස්ථානයන් හි විවිධ රූපයන්ගෙන් මෙම පදය භාවිත වන බව ඔබ භාෂාව භාවිතයේ දී හඳුනාගනු ඇත. මෙම පාඩමේ අරමුණ වන්නේ මෙම පදය ක්‍රියා පදයක් ලෙස වාක්‍ය තුල භාවිත කිරීම සඳහා කාලය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමය.
පළමු පාඩම මගින් ඔබ කාලය ප්‍රධාන වශයෙන් කොටස් 3කට බෙදෙන බව හඳුනාගෙන ඇතැයි සිතමු. එනම්:
- Present Tense (වර්තමාන කාලය)
- Past Tense (අතීත කාලය)
- Future Tense (අනාගත කාලය)
කාලය වෙන් කොට ඉගෙනගන්නේ ඇයි. |
අපගේ අදහස් අනෙක් පුද්ගලයාට තේරුම් කිරීමේ දී එම ක්‍රියාව සිදුකරන ලද කාලය එම තැනැත්තාට තේරුම් යාම අත්‍යාවශ්‍ය කරුණකි. එනම් අප සිදු කල ක්‍රියාවන් කුමන කාලයකට අයත්දැයි අසන්නා තේරුම් ගත යුතුයි. සෑම භාෂාවකම මේ සඳහා අනන්‍ය කොටගත් ව්‍යාකරණ පවතී. ඉංග්‍රීසි භාෂාවේ අධ්‍යයනයේ පහසුව සඳහා අප මේ එක් ඒක කාලයන් තුල සිදුකරන ක්‍රියාවන් වෙන වෙනම කොටස් හතරකට වෙන් කරයී. එම වෙන් කිරීම සිදුවන්නේ එක් කාලයක් තුලදී (උදා: වර්තමාන කාලය) පවා සිදු කරන ක්‍රියාවන් කාලයේ විවිධ ස්ථානයන් ගන්නා බැවිනි.
|
Present Tense (වර්තමාන කාලය) |
|
Past Tense (අතීත කාලය) |
|
Future Tense (අනාගත කාලය) |
|
ඉහත කාලයන් සම්බන්ධව ඉතා සරල හැඳවීමක් වන මෙය එක් එක් පාඩමක් ලෙස ඉගෙනීම සිදු කළ යුතුය. නමුත් ඉක්මනින් අවබෝධය පිණිස මෙසේ කෙටි කිරීමට අදහස් කළෙමු . ඊළඟ පාඩමින් be ක්‍රියාපදයේ විවිධ රූපාකාර සමග Write යන ක්‍රියා පදය යොදමින් මෙම වර නැගීම Active/Passive ආකාර දෙකටම සලකා බලමු.
පස්වන පාඩම - Verb be ට පෙර Verbs (ක්‍රියා පද)
Verb be ට පෙර Verbs (ක්‍රියා පද)
පෙර පාඩම මගින් අප සන්නිවේදනයේ දී යොදා ගන්නා කාලයට අදල අවස්ථා කෙටියෙන් හඳුනාගත්තෙමු. තව දුරටත් ඉදිරියට යාමට පෙර ක්‍රියා පදවල පහත හඳුනාවාදෙන ආකාරයන් දැන ගත යුතුය.
ක්‍රියාපදයක Base form (මූල පදය), Past Simple (සරල අතීතය ), Past Participle (අතීත කෘදන්තය)
සෑදෙන ආකරය බලමු.
මෙහදි ප්‍රධාන වශයෙන් ක්‍රියාපද කොටස් දෙකකට වෙන් කළ හැකිය.
- Regular (ක්‍රමානුකූල)
- Irregular(අක්‍රමවත්)
Regular Verbs ( ක්‍රමානුකූල ක්‍රියා පද)
ක්‍රමවත්ව සැකසෙන ක්‍රියාපදයක උදාහරණයක්
Base form (මූල පදය) | Past Simple (සරල අතීතය ) | Past Participle (අතීත කෘදන්තය) |
---|---|---|
Play | Played | Played |
මෙහි දී සිදුවන්නේ ක්‍රියා මූලයේ අගට -ed යන කොටස එක් වීමයි. (play + ed) ඉංග්‍රීසි භාෂාවේ බොහෝ ක්‍රියා පද මේ ආකාරය වන අතර එම පදයන්ගේ ලැයිස්තුවක් පහත ලින්ක් එක ක්ලික් කිරීමෙන් ලබා ගත හැකිය.
Irregular Verbs (අක්‍රමවත් ක්‍රියා පද)
මෙහිදී ක්‍රියා පදයේ Base form (මූල පදය), Past Simple (සරල අතීතය ), Past Participle (අතීත කෘදන්තය) සෑදෙන ආකාරය වෙනස් වේ. එසේ නම් එය ඔබගේ මතකයේ තබා ගත යුතුය.බොහො විට ඔබගේ ඉංග්‍රීසි අධ්‍යාපනය අවසන් වී ඇත්තේ මෙතනින් විය හැකිය. නමුත් මෙම පද ගොනුවම එක් වර මතක තබා ගැනීමට නොසිතන්න. ඔබට මුන ගැසෙන ක්‍රියා පදයන් විටින් විට මතක තබා ගන්න. ඔබ නොදැනුවත්වම ඔබට අවශ්‍ය දේ ඉගෙන ගනීවි.
මෙම Irregular Verbs (අක්‍රමවත් ක්‍රියා පද) ලැයිස්තුව පහත ලින්ක් එක ක්ලික් කිරීමෙන් ලබා ගත හැකිය.
ඉදිරි පාඩමේ යොදා ගැනීමට නියමිත be , have හා write යන පද තුනෙහි Base form (මූල පදය), Past Simple (සරල අතීතය ), Past Participle (අතීත කෘදන්තය),3rd Person Singular (තුන්වන පාර්ශවයේ එකවචනය), Gerund (භාව ක්‍රියාපදය) පහතින් දක්වා ඇත. මෙම පදයන් ගේ විවිධ සංයෝජනයන් ගෙන් සියලු කාලයන් තුල වාක්‍ය ගොඩනැගෙන ආකාරය පෙර පාඩමින් පොරොන්දු වූ ආකාරයට ඊළඟ පාඩමින් සලකා බලමු.
Base form (මූල පදය) | Past Simple (සරල අතීතය ) | Past Participle (අතීත කෘදන්තය) | 3rd Person Singular(තුන්වන පාර්ශවයේ එකවචනය) | Gerund (භාව ක්‍රියාපදය) |
---|---|---|---|---|
be | was/were | been | is | being |
have | had | had | has | having |
write | wrote | written | writes | writing |
Subscribe to:
Posts (Atom)