සිව්වන පාඩම - Verb be Part(1)

Verb be - be ක්‍රියා පදය.

ඉංග්‍රීසි භාෂාවේ ඉගෙන ගැනීමේ දී අභියෝගී පදයක් ලෙස මෙම be පදය හැඳිනවිය හැකිය. විවිධ ස්ථානයන් හි විවිධ රූපයන්ගෙන් මෙම පදය භාවිත වන බව ඔබ භාෂාව භාවිතයේ දී හඳුනාගනු ඇත. මෙම පාඩමේ අරමුණ වන්නේ මෙම පදය ක්‍රියා පදයක් ලෙස වාක්‍ය තුල භාවිත කිරීම සඳහා කාලය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමය.

පළමු පාඩම මගින් ඔබ කාලය ප්‍රධාන වශයෙන් කොටස් 3කට බෙදෙන බව හඳුනාගෙන ඇතැයි සිතමු. එනම්:

  1. Present Tense (වර්තමාන කාලය)
  2. Past Tense (අතීත කාලය)
  3. Future Tense (අනාගත කාලය)


කාලය වෙන් කොට ඉගෙනගන්නේ ඇයි.

අපගේ අදහස් අනෙක් පුද්ගලයාට තේරුම් කිරීමේ දී එම ක්‍රියාව සිදුකරන ලද කාලය එම තැනැත්තාට තේරුම් යාම අත්‍යාවශ්‍ය කරුණකි. එනම් අප සිදු කල ක්‍රියාවන් කුමන කාලයකට අයත්දැයි අසන්නා තේරුම් ගත යුතුයි. සෑම භාෂාවකම මේ සඳහා අනන්‍ය කොටගත් ව්‍යාකරණ පවතී. ඉංග්‍රීසි භාෂාවේ අධ්‍යයනයේ පහසුව සඳහා අප මේ එක් ඒක කාලයන් තුල සිදුකරන ක්‍රියාවන් වෙන වෙනම කොටස් හතරකට වෙන් කරයී. එම වෙන් කිරීම සිදුවන්නේ එක් කාලයක් තුලදී (උදා: වර්තමාන කාලය) පවා සිදු කරන ක්‍රියාවන් කාලයේ විවිධ ස්ථානයන් ගන්නා බැවිනි. 
Present Tense (වර්තමාන කාලය)

  • Present Simple  ( එදිනෙ දා සිදුවන දේ)
  • Present Continuous (මේ මොහොතේ සිදුවන දේ)
  • Present Perfect (සිදු කොට අවසාන නමුත් ප්‍රතිපලය තවමත් ඇත.)
  • Present Perfect Continuous (අතීතයේ යම් අවස්ථාවක සිට තවමත් කරමින් පවතින දේ) 
Past Tense (අතීත කාලය)

  • Past Simple (අතීත යේ සිදු කල දේ)
  • Past Continuous (අතීතයේ සිදුකරමින් සිටි දේ)
  • Past Perfect (අතීතයේ සිදුවීමක් කතා කරමින් සිටින විට ඊටත් පෙර අතීතයේ සිදුවූ දෙයක් )
  • Past Perfect Continuous (අතීතයේ යම් කාලපරාසයක් තුල සිදුවූ දෙයක් නමුත් මේ වන විට අවසන්ව ඇත)
Future Tense (අනාගත කාලය)

  • Future Simple (සරල අනාගතය)
  • Future Continuous (අනාතයේ සිදුකරමින් සිටීවි)
  • Future Perfect (අනාගතයේ සිදුවී අවසාන වී තියේවි)
  • Future Perfect Continuous (අනාගතයේ එක් මොහොතක සිට කාලයක් පුරාවට සිදු වීමට ඇති දෙයක්)

ඉහත කාලයන් සම්බන්ධව ඉතා සරල හැඳවීමක් වන මෙය එක් එක් පාඩමක් ලෙස ඉගෙනීම සිදු කළ යුතුය. නමුත් ඉක්මනින් අවබෝධය පිණිස මෙසේ කෙටි කිරීමට අදහස් කළෙමු . ඊළඟ පාඩමින් be ක්‍රියාපදයේ විවිධ රූපාකාර සමග Write යන ක්‍රියා පදය යොදමින් මෙම වර නැගීම Active/Passive ආකාර දෙකටම සලකා බලමු.

No comments:

Post a Comment