කවුරුත් දන්න ing සමග Subject Verb Object ඉගෙනගනිමු.
ඉංග්‍රීසි භාෂාවේ ආරම්භයක් ලෙස කවුරුත් ඉගෙන ගන්නා හා බොහොවිට දන්නා Present Continuous ලෙස නම් කරන මේ මොහොතේ කරමින් සිටින ක්‍රියාවන් සම්බන්ධ වාක්‍යයක් ගෙන ආරම්භයක් ලෙස වාක්‍යයක් සමන්විත වන කොටස් හඳුනාගැනීම සිදු කිරීම සුදුසු යැයි සිතමු. සංකීර්ණ වාක්‍යයක ආදර්ශයක් මුලින්ම තේරුම් ගැනීමට උත්සහ කිරීමට වඩා අවස්ථානුකූලව සරල වාක්‍යයක් ගෙන එහි කොටස් හඳුනාගෙන එය ඉංග්‍රීසි භාෂාවට නංවන ආකරය ඉගෙන ගැනීම පහසුවක් වනු ඇත.උදාහරණ - මෙම අවස්ථාවේ දී නැත්නම් Present Continuous අවස්ථාවේ සිංහල සරල වාක්‍යයක් කෙසේ දැයි පරීක්ෂා කර බලමු.
මම ලිපියක් ලියමින් සිටිමි.
I am writing a letter.
1.මෙම ලිපිය ලියනු ලබන්නේ කවුරුන් විසින්ද ?
2.මෙහිදී ලියනු ලබන්නේ කුමක් ද?
3.මම කුමක් කරමින් සිටින්නේ ද?
4.මෙය සිදුකරන්නේ කුමන අවස්ථාවේ ද?
ඉහත ගැටලු අප එකිනෙක හඳුනාගනිමු.
1.මෙම ලිපිය ලියනු ලබන්නේ කවුරුන් විසින්ද ?
මම ලිපියක් ලියමින් සිටිමි.
I am writing a letter.
"මම" - මෙය ලියන්නේ මම යි. මෙහිදී යම් ක්‍රියාවක් සිදු කරනු ලබන පුද්ගලයා සිංහල භාෂාවේ උක්තය නැත හොත් කතෘ ලෙස හඳුන්වන අතර මෙය ඉංග්‍රීසි භාෂාවෙන් Subject ලෙස හඳුන්වයී. එබැවින් ඉංග්‍රීසි වාක්‍යයේ "I " Subject එක වේ.
2.මෙහිදී ලියනු ලබන්නේ කුමක් ද?
මම ලිපියක් ලියමින් සිටිමි.
I am writing a letter.
"ලිපිය" - මම යන කතෘ විසින් ලියනු ලබන්නේ ලිපියයි. එනම් ඔහුගේ ක්‍රියාව සිදුවන්නේ ලිපියනම් වස්තුව මතයි. ක්‍රියාවට භාජනය වන වස්තුව සිංහලයේ දී කර්මය ලෙස හදුන්වයි. ඉංග්‍රීසි භාෂාවේ මෙය Object ලෙස හඳුන්වයි. එබැවින් ඉංග්‍රීසි වාක්‍යයේ " letter " Object එක වේ.
3.මම කුමක් කරමින් සිටින්නේ ද?
මම ලිපියක් ලියමින් සිටිමි.
I am writing a letter.
"ලියමින් සිටිමි" - මම මෙම අවස්ථාවේ ලියමින් සිටිනා බව පැවසීමට "ලිවීම" යන පදයට "මින් සිටිමි" යන පද කොටස ඈඳා (ලිවීම+මින් සිටිමි) මෙම අවස්ථාවේ සිදු කරනු ලබන දේ ප්‍රකාශ කරයී. මෙය ක්‍රියාව ලෙස සිංහල භාෂාවේ දී හඳුන්වයී. ඉංග්‍රීසි භාෂාවේ මෙය Verb ලෙස හඳුන්වයි. එබැවින් ඉංග්‍රීසි වාක්‍යයේ "am writing " Verb එක වේ.
4.මෙය සිදුකරන්නේ කුමන අවස්ථාවේ ද?
මම ලිපියක් ලියමින් සිටිමි.
I am writing a letter.
මෙම වාක්‍යයේ ක්‍රියාවට "මින් සිටිමි." යන පද කොටස ඈඳා මෙම අවස්ථාවේ සිදු කරන ක්‍රියාවක් බව කියවන්නාට තේරුම් කරයි. ඉංග්‍රීසි භාෂාවේ " ing " පද කොටස ක්‍රියාවට එක් කර මෙම අවස්ථාවේ සිදුකරනු ලබන ක්‍රියාවක් බව කියවන්නාට තේරුම් කරයි.
දැන් අප ඉංග්‍රීසි වාක්‍යය ඉගෙන ගනිමු.
I am writing a letter.
1.Subject = I
2.Verb = am writing
3.Object = letter
සිංහල භාෂාවේ වාක්‍යයක් කතෘ(මම - S) කර්මය(ලිපියක් -O) ක්‍රියාව (ලියමින් සිටිමි.-V) යන ( SOV ) අකාරය ගත්තද ඉංග්‍රීසි භාෂාවේ මෙය ( SVO ) ආකාරය ගනියි.
I(S) am writing(V) a letter(O)
ඔබ ඉහත වාක්‍යය සතු කොටස් මුලුමනින්ම හඳුනා නොගත්ත ද ( එනම් am හා a ) මූලික කොටස් හා එවායේ වාක්‍යයක යෙදෙන ආකරය ඉගෙනගෙන ඇතැයි සිතමි.
වැදගත්:
අද දින සිට ඉංග්‍රිසි ළමා කථා පොතක් ගෙන එහි ඇති වාක්‍ය සැදී ඇති ආකාරය තේරුම් ගැනීමට උත්සහ කරන්න. හැකිතාක් වචන ඉගෙන ගැන්මට පටන් ගන්න. ඒවායේ ස්වභාවය තේරුම් ගැනීමට උත්සහ කරන්න.
තෙවන පාඩමින් නැවත හමුවෙමු.
ඉතා සරල හා පැහැදිලි බව පැවසිය යුතුය..
ReplyDelete