පස්වන පාඩම - Verb be ට පෙර Verbs (ක්‍රියා පද)

Verb be ට පෙර Verbs (ක්‍රියා පද)


පෙර පාඩම මගින් අප සන්නිවේදනයේ දී යොදා ගන්නා කාලයට අදල අවස්ථා කෙටියෙන් හඳුනාගත්තෙමු. තව දුරටත් ඉදිරියට යාමට පෙර ක්‍රියා පදවල පහත හඳුනාවාදෙන ආකාරයන් දැන ගත යුතුය.

ක්‍රියාපදයක Base form (මූල පදය), Past Simple (සරල අතීතය ), Past Participle (අතීත කෘදන්තය)
සෑදෙන ආකරය බලමු.
මෙහදි ප්‍රධාන වශයෙන් ක්‍රියාපද  කොටස් දෙකකට වෙන් කළ හැකිය.
  1. Regular (ක්‍රමානුකූල)
  2. Irregular(අක්‍රමවත්) 

Regular Verbs ( ක්‍රමානුකූල ක්‍රියා පද)


ක්‍රමවත්ව සැකසෙන ක්‍රියාපදයක උදාහරණයක්

Base form (මූල පදය) Past Simple (සරල අතීතය ) Past Participle (අතීත කෘදන්තය)
Play Played Played

මෙහි දී සිදුවන්නේ ක්‍රියා මූලයේ අගට -ed යන කොටස එක් වීමයි. (play + ed) ඉංග්‍රීසි භාෂාවේ බොහෝ ක්‍රියා පද මේ ආකාරය වන අතර එම පදයන්ගේ ලැයිස්තුවක් පහත ලින්ක් එක ක්ලික් කිරීමෙන් ලබා ගත හැකිය.


 Irregular Verbs (අක්‍රමවත් ක්‍රියා පද) 

 මෙහිදී ක්‍රියා පදයේ Base form (මූල පදය), Past Simple (සරල අතීතය ), Past Participle (අතීත කෘදන්තය) සෑදෙන ආකාරය වෙනස් වේ. එසේ නම් එය ඔබගේ මතකයේ තබා ගත යුතුය.බොහො විට ඔබගේ ඉංග්‍රීසි අධ්‍යාපනය අවසන් වී ඇත්තේ මෙතනින් විය හැකිය. නමුත් මෙම පද ගොනුවම එක් වර මතක තබා ගැනීමට නොසිතන්න. ඔබට මුන ගැසෙන ක්‍රියා පදයන් විටින් විට මතක තබා ගන්න. ඔබ නොදැනුවත්වම ඔබට අවශ්‍ය දේ ඉගෙන ගනීවි.

මෙම Irregular Verbs (අක්‍රමවත් ක්‍රියා පද) ලැයිස්තුව පහත ලින්ක් එක ක්ලික් කිරීමෙන් ලබා ගත හැකිය.


ඉදිරි පාඩමේ යොදා ගැනීමට නියමිත be , have හා write යන පද තුනෙහි  Base form (මූල පදය), Past Simple (සරල අතීතය ), Past Participle (අතීත කෘදන්තය),3rd Person Singular (තුන්වන පාර්ශවයේ එකවචනය), Gerund (භාව ක්‍රියාපදය) පහතින් දක්වා ඇත. මෙම පදයන් ගේ විවිධ සංයෝජනයන් ගෙන් සියලු කාලයන් තුල වාක්‍ය ගොඩනැගෙන ආකාරය පෙර පාඩමින් පොරොන්දු වූ ආකාරයට ඊළඟ පාඩමින් සලකා බලමු.


Base form (මූල පදය) Past Simple (සරල අතීතය ) Past Participle (අතීත කෘදන්තය) 3rd Person Singular(තුන්වන පාර්ශවයේ එකවචනය) Gerund (භාව ක්‍රියාපදය)
be was/were been is being
have had had has having
write wrote written writes writing

5 comments: